Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? 2

අපේ Hacking දෙවෙනි පාඩම


Hacker කියන දෙහි අර්ථය,මුලාරම්භය හා Hacker සම්බන්ධ දුර්මත ආදී දේ සම්බන්ධයෙන් අපි පසුගිය  ලිපියෙන් කතා වුනා. එය ඔබට මඟ හැරුනේ නම් ඉහත සබැඳිය හරහා ගොස්ම මෙම සටහන් මාලාවට එක වෙන්න යයි මම ඔබට ආරාධනා කර සිටිනවා.......

Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? 

අද මුලිකව මෙම සටහනට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන්නේ Hacker කෙනෙක් සතු ගුණාංග හා ඔහු සතුව තිබිය යුතු දැනුම සම්බන්ධයෙනුයි. ඔබටත් Hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් මෙම සටහනේ දැක්වෙන ගුණාංග හා දැනුම තමා සතු කර ගත යුතුයි.

Hackers ල විසින් ප්‍රශ්න විසදනවා වගේම අලුත් නිර්මාණ බිහි කිරීම සිදු කරනවා. තවද ඔවුන් නිදහස අගය කරනවා වගේම සිය කැමැත්තෙන් අන් අයට උදව් උපකාර කිරීමට පෙළඹෙනවා. ඔබව hacker කෙනෙක් විදිහට පිළිගැනීමට නම් ඔබ තුල මෙම ගුණාංග පුහුණු කර ගැනීම හා ඔබ ඔබව විශ්වාස කිරීමට පුරුදු විය යුතු වෙනවා.

Hacker කෙනෙකුගේ ගුණාංග ඔබ තුල වඩා වර්ධනය කර ගත යුත්තේ හුදෙක්ම සමාජය තුල පිලි ගැනීමක් ලබා ගැනීමට පමණක් යැයි නමුත් ඔබ සිතනවා නම් එය වැරදියි. මෙවැනි ගුණාංග ඔබ තුල වර්ධනය කර ගැනීමෙන් ඔබට ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට හැකිවෙනවා වගේම නිරන්තරයෙන්ම උද්යෝගිමත්ව සිටීමට ඔබට හැකි වෙනවා. ඕනෑම කලාවක විශේෂඥයෙක් වීමට නම් එම කලාවේ විශේෂඥයින්ගේ මානසික සංකල්ප බුද්ධිමය වශයෙන් මෙන්ම සිතුවිලි වශයෙන්ද අනුගමනය කිරීමට සිදුවෙනවා.

එසේත් නැතිනම් පහත ඇති නවීන Zen කාව්‍යය අනුගමනය කිරීමට ඔබට සිදු වෙනවා.

  1. To follow the path.
  2. look to the master.
  3. follow the master.
  4. walk with the master.
  5. see through the master.
  6. become the master.
ඔබත් hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් පහත දැක්වෙන කරුණු නිරන්තරයෙන් අනුගනය කිරීමට සිදුවෙනවා.

1. තවමත් විසඳුමක් සොයා නොගැනුනු ආකර්ශනීය ගැටළු වලින් ලෝකය පිරී ඇති බව.

Hacker කෙනෙක් වීම බොහෝ සෙයින්ම ආස්වාදය ගෙන දෙන්නක්. නමුත් මෙම සතුට, විනෝදය ලබා ගැනීමට බොහෝ පරිශ්‍රමයක් දැරිය යුතු වෙනවා.
සාර්ථක ක්‍රීඩකයෙක් තමාගේ ශරීරය ක්‍රීඩාවට පුහුණු කිරීමෙන් , තමා ක්‍රීඩාවේ දක්ෂතා දැක්වීමෙන් හා ජයග්‍රහණ ලබා ගැනීමෙන් තව තවත් උද්යෝගිමත් වෙන්නා සේ hacker කෙනෙක් වීමට කැමති ඔබත් ගැටළු විසදීමෙන් , දක්ෂතා වැඩි දියුණු කර ගැනීමෙන් , ඔබ ලබා ගත්තාවූ ඥානය පාවිච්චි කිරීමෙන් ආස්වාදයක් හා සතුටක් හා උද්යෝගයක් ඇති කර ගත යුතුයි.

ඔබ සාමාන්‍යයෙන් එවැනි වූ පුද්ගලයකු නොවේ නම්, ඔබට සිදු වෙනවා පරිශ්‍රයක් දරා හෝ එවැනි පුද්ගලයකු වීමට. නැතිනම් මිල මුදල් , සමාජ සම්මුති වැනි සමාජයේ ඇති වෙනත් අරමුණු වලින් Hack කිරීමේ ආශාව අවම කර දමාවි.

ඔබ යම් ගැළුවක් සම්පුර්ණයෙන්ම විසදීමට නොදන්නවා විය හැකියි. නමුත් ඔබ දන්නා තැනින් පටන් ගෙන එතැන් සිට තම දැනුම වර්ධනය කර ගනිමින් ගැටලුව කෙසේ හෝ විසදීමට උත්සාහ දැරිය යුතුයි. කොටසින් කොටස ඉගෙන ගනිමින් ප්‍රශ්නය කොටසින් කොටස විසදිමින් ඉදිරියට යාමට ඔබේ මනස සකස් කර ගත යුතුයි.

2. එකම ගැටලුව දෙවරක් විසදිය නොහැකිය බව.

නිර්මාණශීලී පුද්ගලයන් ලොව විරලයි. එම නිසා ඔවුන් විසින් නැවතත් රෝදය සොයා ගැනීමට වෙර නොදැරිය යුතුයි, කිමද ලොව තුල විසදීමට නොහැකි වූ බොහෝ ගැටළු තිබෙන බැවින්.

Hacker කෙනෙක් ලෙස හැසිරීමට කැමති ඔබ සිටිය යුතු දෙයක් වන්නේ අනෙකුත් hackers ලගේ කාලය ඉතා වටිනා බවත් එය එකම ගැටලුව විසදීමට නොදිය යුතු බවත් ය. එම නිසා ඔබ ඔබගේ දත්ත, ගැටළු විසදීම් හා ඒවායේ විසදුම් අන් අයට දන ගැනීමට සැලැස්විය යුතුයි. එවිට අනිත් අයට හැකියාව ලැබෙනවා එකම ප්‍රශ්නය දෙවරක් විසදීමට තත් නොකර නව ගැටළු සොයා ඒවා විසදීමට කාලය හා ශ්‍රමය යෙදවීමට.

“එකම ගැටලුව දෙවරක් විසදිය නොහැකිය බව” යන දෙයින් ලෝකයේ තිබෙන හැම ගැටළුවකටම තනි එක පිළිතුරක් ඇති බව හෝ එය තනි කෙනෙකු විසින්ම විසදිය යුතු බවම ගම්‍ය වෙන්නේ නැහැ. ගැටලුව වඩා හොදින් අධ්‍යනය කිරීමේදී පළමු විසදුමට වඩා දෙවැනි විසදුම වඩා සුදුසු යයි සිතිය හැකියි. මම මෙයින් අදහස් කරනු ලැබුවේ බොහෝ දෙන තම ගැටළු විසදුවත් ඒවා අනිත් අය සමග බෙදා ගැනීමට අකමැති වීමයි. විවිධ වූ තාක්ෂණික, නීතිමය හෝ සංස්ථායික බාධක (Closed-Source Code වැනි වූ) නිසා හොඳ විසදුම් නැවත භාවිතයට ගැනීම වැලැක්වීම නොකළ යුතුයි. එය හරියට අනිත් යට නැවත රෝදය සැදීමට බල කරනවා වැන්නකි.

3. කම්මැලිකම හා වෙහෙස ගැන නොසිතිය යුතුයි.

Hacker කෙනෙක් විදිහට එකම දෙය බොහෝ වරක් අත්හදා බැලීමෙන් හා වැරදීම් වලදී වෙහෙසට පත් නොවිය යුතුයි. නව ගැටළු විසදීමේදී බොහෝ වැරදීම් හා එකම දෙය නැවත නැවත කර බැලීමට ඔබට සිදු වෙනවා. මෙම කාලය නාස්තිය ඔබට වෙහෙසක් ගෙන දුන්නද ඔබ ඔබේ කාර්ය අත් නොහැරිය යුතුයි.

මෙලෙස නැවත නැවත උත්සහ කිරීමේදී ඔබේ දැනුම තව තවත් වර්ධනය වන අතර එමගින් Hacker කෙනෙක් වීමට අවශ්‍ය කුසලතා ඔබ තුල ගොඩ නැගෙනවා. එනිසා කිසි විටක කම්මැලි වීමට නොසිතා තමාගේ අරමුණ කර යාමට වග බල ගන්න.

4.ස්වාධීනත්වය සහ නිදහස වඩා වැදගත්.

Hackers ල බොහෝ සෙයින් ස්වාධීනත්වයට කැමති පිරිසක්. කව්රුන් හෝ කෙනෙක් ඔබට අණ විධාන දෙන්නේ නම් එයින් බොහෝ විට ඔබ අසා කරන දෙය , ඔබ අසාවෙන් විසදීමට තැත් කරන ගැටලුව විසදීමට බාධාවක් වෙනවා. විවිධ වූ අනවශ්‍ය අදහස් ඔබ වෙතට යොමු කිරීම තුලින් ඔබගේ කාර්යයෙන් බැහැර කර දැමිය හැකියි.

මෙයින් Hacker කෙනක් තනි , සමාජ ඇසුරක් නැති , තනි මතයට පමණක් සිටින පුද්ගලයෙක් විය යුතු යයි කිය වෙන්නේ නැහැ. ශිෂ්‍යයන් විදිහට අපි කටත් තවත් කෙනෙකුගේ මර්ගොපදෙෂන්යක් අවශ්‍ය වෙනවා. එවිට හැකි වෙනවා අන්තර්ජාලය තුල පවතින සාපරාධි ක්‍රියා වලට හසු නොවී ඔබගේ කටයුතු ඉදිරියට කර ගෙන යාමට. නමුත් Hacker කෙනක් වීමට මානසික මානසික නිදහස හා ස්වාදීනත්වය අවශ්‍ය වෙනවා.


5. ගුණාංග පුහුණු කිරීමෙන් පමණක් ප්‍රවීනත්වයට ලඟා විය නොහැකි බව

Hacker කෙනක් වීමට ඔබ මෙම ගුණග ඔබ වර්ධනය කර ගත යුතුයි. නමුත් ගුණාංග අනුකරණය කිරීමෙන් ඔබට Hacker කෙනෙක් වීමට නොහැකියි. ලොව පිළිගත් Hacker කෙනෙක් වීමට බුද්ධිය, ක්‍රියාවේ....... 

යෙදීම, කැප වීම හා උත්සාහ වන්ත බව අත්‍යවශ්‍ය වෙනවා.

තවත් මේ වගේ පාඩමකින් අපි අයෙත් හම්බෙමු.....එතකන් මේ පොස්ට් දෙක කියවලා දැනුමක් ලබා ගන්න......

මේ පොස්ට් එක ඔයාලට වැදගත් උන නම් ඔයාලගේ අදහස් දාන්න අමතක කරන්න එපා!!!!!!එහෙනම් මම දැන් යනවා......
ඔයාලට ජයෙන් ජය!!!!!!

Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment