ගෝලී සෝඩා :දැන්ම බාගන්න


Goli Soda (2014)
 හම්… “ගෝලි සෝඩා..” මොකද්ද මේකෙ තේරුම?  මහ වෙනස් නමක් නේ? අපි මෙහෙම හිතල බලමුකෝ. අපි කඩේකට යනව. අපි ඒ කඩෙන් ගන්නව සෝඩ බෝතලයක් බැලූ බැල්මට ඒක සාමාන්‍ය දෙයක් වගේ ශාන්තව තියෙනව. ඒත් මේ බෝතලේ අපි නොදැනුවත්ම හොදට ගැස්සිල තියෙන්නෙ. (සෝඩ බෝතලයක් ගැස්සුනොත් මොකද වෙන්නෙ කියල මගෙ යාලුවො දන්නවනේ?) ඉතින් ඒ බෝතලේ කඩපු ගමන්ම සර බර ගාල සෝඩ ටික උඩින් යන්න පටන් ගන්නව, පිටාර ගලනව බෝතලෙන්. හරියට තරහක් පිට කරපු ගිනි කන්දක් වගේ. පිටින් පෙනුනට ඒකෙ ශාන්ත බාවය ඒත් ඇතුලතින් පට්ටම සැරැයි. (ඕගොල්ලන්ට තේරුනාද? තේරුන් නැත්තන් සොරී ඈ..) හොල්ලන් නැතුව තියෙනකන් සැර නෑ හෙල්ලුවොත් පට්ටම සැර වෙනව.. ඔන්න ඕකයි ඔය සලරුවේ නමේ තේරුම. මේ සලරුවේදි ඔයාලට වැටහෙයි ඔයාලගේ අනන්‍යතාවය ඔයාලට කොච්චර නම් වටිනවද කියල. 
මටත් අනන්‍යතාවයක් තියෙනව. ඔයාලටත් ඇති. ඒක ආරක්ශා කර ගන්න මිත්‍රයිනී. මොකද නැති වුනොත් එහෙම පට්ට කට්ටක් කන්න වෙනව ඒක ගන්න. රටේ තත්වෙ දැන් එහෙමනේ… හරි හරි ටයිප් කලා ඇති, නැත්තන් අර එදත් කිව්ව වගේ මම මොනා ටයිප් කරයිද දන්නෙ නෑ. ඒ නිසා මන් පොඩ්ඩක් මේ සලරුව ගැන කියල ඉන්නම්.
මේ සලරුව 2014 වර්ෂයේ Vijay Milton නමැති අද්‍යක්ෂකවරයා විසින් නිර්මානය කරන ලද අලංකාරමත් කතාවකී. මෙය IMDB දර්ශකයේ 7.8 කින් යුත් සාර්තක ප්‍රතිචාරයක් දිනා ඇත. අප අදුනනා දමිල ළමා කලාකරුවන් පිරිසක් ද මෙහි සිටී. 
කෝයම්බේඩු, ආසියාවෙ ලොකුම මාර්කට් එක. චෙන්නායි වල අනන්‍යතාවය වන මේ කෝයම්බේඩු වල කිසිම අනන්‍යතාවයක් නැති කට්ටියකුත් ඉන්නව.ඒ ගොල්ලන්ගෙ නම් වත් කවුරුවත් දන් නෑ.පොරපු තල, සෝප චට්ට, කූලි කියල ඒ ගොල්ලන්ට හිතෙන හිතෙන විදියට කතා කරගන්නව.රෑ තිස්සෙම ගෝනි උස්සන එකයි, දවල්ට නිදියන එකයි  ඇරෙන්න මෙයාල කිසිම දෙයක් කරන් නෑ. මාර්කට් එකෙන් තොර කිසිම දෙයක් දන්නැති මෙයාල දන්නෙ ගෝනි උස්සන එක විතරයි. එදා වේල කොහොම හරි කන්න හොයාගන්න මෙයාල කරන්නෙ ගොනි උස්සන එක තමයි. මාර්කට් එකේ ඉන්න මේ අනන්‍යතාවයක් වත් නැති මේ අනාත කොල්ලනට මාර්කට් එකේ අම්ම කෙනෙක් වගේ එක්කෙනෙක් ඉන්නව ඒ තමයි ආචී. මේ ආචී මාර්කට් එකේ කරන්නෙ ඕවසේල් දෙන එක. ඉතින් මේ කොල්ලොන්ටත් ආදරයක් ඇති වෙනව. ඉතින් මේ කොල්ලො 4 දෙනාගෙන් පුලී කියන එක්කෙනා කෙල්ලෙක්ට ආදරේ කරන්න යනවා. මාර විදියට ඒක පටන් ගන්නෙ ඒක ඔයාලට ෆිල්ම් එක බලන කොට දැන ගන්න ලැබෙයි. ඉතින් මෙයාලට ඒ කෙල්ලව හම්බෙන්න යන්න හොද ඇදුම් ඕනි නිසා හොද ඇදුම් ඕනි කරනව ඒකට සල්ලි නැති නිසා ආචිගෙන ගිහිල්ල සීට්ටුවක් දානවා කියල බොරුවට සල්ලි ඉල්ලගෙන ගිහින් ඇදුම් අරගෙන කෙල්ල්ව බලන්න යන්න ලෑස්ති වෙනව. කඩේට ආවට පස්සෙයි දැන ගන්න් ලැබෙන්නෙ ඒ කෙල්ල වෙන කවුරුවත් නෙමෙයි ආචිගෙ දුව කියල. මෙයාල ඉතින් එතනින් හිමීට මාරු වෙනව. කෝම හරි මෙයාලටත් තේරෙනව මෙහෙම ඉදල වැඩැක් නෑ මොකක් හරි කරන්න් ඕනි කියල. ඉතින් මෙයාල මාර්කට් එකේ එලවලු විකුනන්න පටන් ගන්නව. මෙයාල එලවලු විකුනල ආචිගෙන් ගත්ත සල්ලි ඔක්කොම වැඩි පුරත් එක්ක දාල ආචිට දෙනව. මේ වැඩෙන් ආචො හිතා ගන්නව මෙයාලට මොකක් හරි කරන්න පුලුවන් කියල. “ඔන්න දැන් තමා කතාවෙ මැරය සෙට් වෙන්නෙ.” නම නායිරු මිනිහ තමයි මාර්කට් එකේ නායකයා. ඉතින් ආචි මෙයාලව එයා ලගට තමයි එක්කන් යන්නෙ. එයා මෙයාලට කඩයක් දෙනව කරගෙන යන්න. ඒ කඩෙන් මේ කොල්ලො සෙට් එකට ඒ ගොල්ලන්ගෙම කියල අනන්‍යතාවයක් හම්බ වෙනව. කොල්ලො මාර කැමතී ඒකට. ඒත් වැඩි කාලයක් කර ගෙන යන්න හම්බෙන් නෑ. නායිරූගෙ නෑදෑයෙක් වන් මයිලූ කියල එකෙක් එතන ට ඇවිල්ල කෙල්ලො දාල අරක්කු බීල පිස්සු කෙලිනව. මේ ක කොල්ලොන්ට අල්ලන් නැතුව බහින් බස් වීමක් ගිහිල්ල සේටු කියන කොල්ල මයිලූ ට ගහනව. අන්නාච්චි මේක දැන ගෙන ලොකු ප්‍රශ්නයක් කරන්න යන්නෙ දැන්, මේ කොල්ලොන්ට මොකද්ද වෙන්නෙ? මේ ගොල්ලන්ගෙ අනන්‍යතාවයට මොකද වෙන්නෙ? පුලීගෙ ආදරේ ඒක ට මොකද වෙන්නෙ? මෙයාලගේ කඩේට මොකද වෙන්නෙ? ඒව ඔක්කොම ඔයාලට බලා ගන්න වෙන්නෙ මේ ෆිල්ම් එක බැලුවොත්ම විතරයි. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුයි

එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවතත් තව උපසිරැසියකින් හමුවෙමු. ජයෙන් ජය.! 
Goli Soda (2014) on IMDb7.8/10464 votes



2FAE4B7F0E3494D2F7D9AB6174F1920F75C1B89
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  Copied from Baicopelk.com 

Share on Google Plus

About Praneeth Madush

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment